ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට වසරක සේවා දිගුවක්


විශ්‍රාම යාමට නියමිතව සිටි විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට අද (5)  සිට ක්‍රියාත්මක වන පරිදි වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

ලතීෆ් මහතාගේ ධූර කාලය දිර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ඒ සඳහා අද (5) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

2016 වසරේ අගෝස්තු 19 වැනි දා ලතීෆ් මහතා විශේෂ කාර්ය බළකායේ  සේනාංකාධිපති ලෙස වැඩ බාර ගත්තේය.  ලතීෆ් මහතා විශේෂ කාර්ය බළකායේ 11 වැනි ආඥාපතිවරයා වේ.

1979 ජනවාරි 15 වැනි දා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසින් ඒ මහතා ශ්‍රී ලංකා පොලිසියට බැඳී තිබේ.

(28535)