(බිඟුන් මේනක ගමගේ)
සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ජාතික චිත්‍රපට සංස්ථා භාරය මගින් පිරිනැමෙන දීමනාව තවත් කලාකරුවන් 120ට ලබාදීමට නීතිය සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර ඇතැයි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
කලාකරුවන් 57ත් දෙනෙකුට මෙතෙක් එම දීමනාව ලබාදුන්නේ යැයි ද ඒ අනුව කලාකරුවන් එකසිය හැත්තෑ හත් දෙනෙකුට මෙම මස 15 වැනිදා සිට අදාළ දීමනාව පිරිනැමෙන්නේ යැයි ද හෙතෙම කීය.
රුපියල් 2000ක් පැවැති මෙම දීමනාව වසර 20කට පමණ පසුව මෙම රජය මගින් 2018 අයවැය යෝජනාවක් අනුව රුපියල් 5000 දක්වා වැඩි කළේ යැයි ද අබේවර්ධන මහතා කීවේය.
වැඩි කළ දීමනාවේ සමාරම්භක මුදල් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර මුදල් ඇමැති මංගල සමරවීර හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වෙති.