ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
රජයට ලැබිය යුතු රුපියල් හත්කෝටි 28 ලක්ෂයක් අහිමි කළැයි සමරසිංහ මහතාගේ පැමිණිල්ලේ දැක්වේ.

