ජවිපෙට වැරැදුණු තැන් තුනක් අනුර කුමාර පෙන්නයි
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනි සමග සංධාන ගතවීමත්, මහින්ද රාජපක්‍ෂ ජනපතිට හා ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට උදව් කිරීමත් ජනතා විමුක්ති පෙරමුණ අතින් සිදුවූ වැරැදි හා අඩුපාඩු බව ජවිපෙ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ගාල්ල නගර ශාලාවේදී පැවසීය.
”ආ මග යා යුතු මග” මැයෙන් දෙසුමක් කරමින් ඔහු කීවේ, මේ අඩුපාඩු තමන් දන්නා හෙයින් කිසිවකු ඇඟිල්ල දිගු කැර ඒවා පෙන්වීම ඇවැසි නොවන බවයි.
සුළු කල්ලියක් පක්‍ෂයෙන් කැඞී කෙදිරි ගෑවට, පත්තරවල ලීවාට වැඩක් නැතැයි ද ඔහු කීවේය.

