ජවිපෙට ඡන්ද අඩු බව ටිල්වින් පිළිගනී.


අසාධාරණ තරගයක් ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් රජය ජනතා මතය කොල්ල කා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා  කළේය. එහෙත් ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී ජනතාවත් මීට වඩා සිතා තීරණ ගත යුතු යැයිද අවසානයේදී ජනතාවට විමුක්තිය උදාකරගැනීමට ඉතිරිවන්නේ ජ.වි.පෙ පමණකැයිද හෙතෙම කීය. පක්‍ෂයට එරෙහිව ගෙන ගිය කුමන්ත‍්‍රණ හා රජය මැතිවරණ පවත්වන කාලසටහන නිසා ජ.වි.පෙට යම් ඡන්දසංඛ්‍යාවක් අහිමිවීව ඇතැයිද ටිල්වින් සිල්වා මහතා සාකච්ඡාවකදී කීය.