‘හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ විශ්‍රාම වැටුප අහිමි කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊළගට කාගේ විශ්‍රාම වැටුප අහිමි කරන්නේ කාගෙද?‘ ඇමැති මහින්ද අමරවීර මහතා අම්බලන්තොටදී එසේ ප්‍රශ්න කළේය.
‘වීරවරයකු වශයෙන් සිටි ෆොන්සේකා දේශපාලනයට ඇද අතරමං කරලා. එක්සත් ජාතික පක්ෂයත් ඊට වගකිවයුතුයි. ජවිපෙ ලණු කා අද හොඳටම අතරමංවෙලා.
ඒ විදියටම හිටපු අගවිනිසුරුවරියගේ විශ්‍රාම වැටුපටත් වැඩේ දුන්නා. ලොක්කන් දෙදෙනෙකුම වළපල්ලට දාලා ඉස්සරහට එන්නයි ජවිපෙ හැදුවේ. දේශපාලන පැවැත්ම උදෙසා කවුරුන් හෝ බිලි දීමයි ජවිපෙ සිරිත.

