ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වූ එස්.මායාදුන්නේ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිම්ල් රත්නායක මහතා පත්කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රිික්කයෙන් තරඟ කළ බිමල් රත්නායක මහතාට ජය ගැනීමට හැකිවූයේ නැත. මැතිවරණයෙන් මන්ත්‍රීධූර හතරක් ලැබුණු ජවිපෙට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙකක් ද හිමිවිය. ජාතික ලැයිස්තුවේ අනෙක් මන්ත්‍රීධූරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තරඟකර ජයගත නොහැකි වූ සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කැර සිටියි.

