ජවිපෙ සැබෑ වැඩකට බසී


ශ්‍රී ලංකාව වෙත එල්ල වෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පරාජය කළ හැකි සැබෑ අධිරාජ්‍ය විරෝධී පුළුල් පෙරමුණක් සකස් කිරීම සඳහා තම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අවධානය යොමු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා පත් කළ කමිටුව මැයි මැද සිට වැඩ ඇරැඹන බව ද ඔහු කියයි.