19 වැනි සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය දෙන බව එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
විධායක බලතල සම්බන්ධයෙන් ටිකක් හරි හොඳ දේකට සහාය දීමේ පිළිවෙත අනුව ජවිපෙ එහි අඩුපාඩුකම් ඇතත් සහාය දෙන බව ඔහු සඳහන් කරයි.
ඊට සහාය දෙන ලෙස සෙසු පක්ෂවලින්ද ඔහු ඉල්ලයි.
ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහාවන 20 වැනි සංශෝධනය සමග 19 පටලවාගන්න එපා යැයිද ඔහු පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටුම්පත් කළ සංශෝධනය ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව ඉදිරිපත් කර ඇතැයිද එය පිළිගත නොහැකි යැයිද ඔහු පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ හැම පක්ෂයේම අදහස් අනුව මැතිවරණ ක්‍රමය ගැන තීරණයක් ගත යුතු බවද ඔහු කියයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ පමණින් ශ්‍රීලනිප යෝජනාව අනුමත කළ නොහැකි යැයිද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීමට පෙර ඔහුට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු අනුව ක්‍රියා කළ යුතු යැයිද ජවිපෙ ලේකම් පවසයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
වීඩියෝ - ලහිරු හර්ෂණ



