ජවිපෙ විරු සමරුව ලන්ඩනයේ


ජනතා විමුක්ති පෙරමුණ මහා බ්‍රිතාන්‍ය ශාඛාව 44 වැනි අප්‍රේල් විරු සමරුව ලන්ඩන් නුවරදී පැවැත්වීය.

එක්සත් රාජධානියේ  ජවිපෙ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ සඩ්බරි වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදී පැවති මෙම   උළෙලට 1971 සිට ජනතාවිමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි පැරණි හා නවක සාමාජිකයෝ ද ඔවුනගේ දුදරුවෝ ද හා හිතවත්හු ද සහභගි වුහ.

අප්‍රේල් විරුවන්ගේ ශ්‍රේෂ්ඨ බව හා ගෞරවය සැමරීම සඳහා නිර්මාණාත්මක සැමරුම් කුළුණක්ද ඉදිකර තිබිණි. උත්සවය ආරම්භ වුයේ සමරු කුළුණ මත මල් පහන් තබා විරු ගී ගැයීමෙන් අනතුරුවය.

උත්සවය පැවති දිනය එංගලන්තයේ නිවාඩු දිනයක් වූ නිසා බොහෝදෙනා නිවාඩු ගත කිරීමට සංචාරයේ යෙදෙන දවසක වුවත් අලුත් හිතවතුන් හා සාමාජිකයන්ගෙන් ශාලාව පිරි තිබීම සංවිධායකයින්ගේ දිරියට හේතුවක් වූබව දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේය.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අන්තර් ජාලයේ  ස්කයිප් ඔස්සේ සභාව ඇමතුවේය. එහිදී " 44 වන අප්‍රේල් විරුවන් යනු අධිෂ්ඨානයේත්, කැපවීමෙත්,සටන්කාමිත්වයේත් සංකේතය බව" ඔහු කියා සිටියේය.දර්ශන හෙට්ටිආරච්චි, රන්ජිත් විජේසිරිවර්ධන හා අජන්ත කාන්ගහආරච්චි සභාව ඇමතුහ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති සහ දුෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ සහභාගී වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්ද ජවිපෙ එක්සත් රාජධානි කමිටුව මඟින් සංවිධානය කර ඇත. "බල පෙරලිය සහ ජනතා අභියෝගය"  නම්වූ මෙම සම්මන්ත්‍රණය අප්‍රේල් 19 වෙනි දින සවස 3 ට  සඩ්බරි වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදීපැවැත්වෙයි.

DSC_0141 DSC_0213 IMG_3766 madawala

ඡායාරුප :හේමදාස ලියනගේ.