පානදුර මහබෙල්ලන හංදිය අසල ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් බැලීමට ආ පිරිසක් ජිප් රියක වැදී ඇතැයි ද, දස දෙනකු තුවාල ලබා ඇතැයි ද රෝහල් ආරංචි කියයි.
කිහිප දෙනකු බරපතල තත්ත්වයේ සිටින අතර එක් අයකු මිය යන්නට හෝ මරණාසන්න තත්ත්වයේ සිටින බවත් ස්ථිර නොවූ ආරංචි කියයි.
ජිප් රිය පාරෙන් ඉවතට පැණ ඇතැයි ද දැනගන්නට තිබේ.

