ජවිපෙ රනිල් රකී


යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැතිවරයාට බලතල හිමිවන්නේ  ඊළඟ මැතිවරණයෙන් තේරිපත්වන ආණ්ඩුවෙන් නිසා  ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලය පැහැරගැනීමට කටයුතු කරන බවට සමහරුන් ගෙන යන  ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යකියි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සෙනසුරාදා (28) රාත්‍රි සිරස  රූපවාහිනියෙන් විකාශනය වු ‘සටන‘වැඩසටහනට සහභාගී වෙමිනි.

අගමැති බලතල හිමිවන්නේ ඊළඟ  මැතිවරණයෙන් පසුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්වා ඇති බවත් එතෙක් එම බලතල හිමිවන්නේ ජනාධිපතිවරයාට පමණක් බවත් දිසානායක මහතා ඉතා පැහැදිලිව කීවේය.

කිසි ලෙසකින්වත්  එවැනි  ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ බලතල පැහැරගැනීමට නොහැකි වන බවත් මෙය අමුලික බොරුවක් බවත් හේ සඳහන් කළේය.