(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
ලෝක කම්කරු දිනය සමරන මැයි 01 වැනිදා ප‍්‍රංශයේ ප‍්‍රධාන නගර මූලික කර මැයි දින පෙළපාලි පැවැත්වීම සෑම වසරකම සම්ප‍්‍රධායනුකූලව සිදු වන්නකි.
ඉන් බොහෝමයක් පැරිස් අගනුවර ප‍්‍රධාන කොට පැවැත්වේ. ප‍්‍රංශයේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ වෘත්තීය සමිති මෙන්ම විදේශ ගත ප‍්‍රජාවන් නියේජනය වන විවිධ සංවිධානද මැයි 01 වැනිදා ලෝක කම්කරු දිනය සැමරීමට එක්වේ.
ඒ අනුව මෙවර ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රංශ ශාඛාවද පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රංශ ශාඛාවද පැරීසියේ පැවැත්වූ මැයි පෙළපාලියට එක්වී සිටියහ.
මින් පෙර විවිධ සටන් පාඨ රැගත් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ජනයා දහස් ගණනක් මෙම පෙළපාලි වලට එක්වුවද මෙවර ඔවුන්ගේ සටන් පාඨ රැගත් පිරිස පනහකටත් අඩු සංඛ්‍යාවක් මැයි පෙළපාලිවට එක්වී සිටීම විශේෂිත වුයේය.
ඒ නයින් ප‍්‍රංශයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වන පිරිස් පසුගිය වර්ෂ වලට සාපේක්ෂකව ඉතා අඩු මට්ටමක පැවැතීම විශේෂයෙන් දැක ගැනීමට ලැබුණේය.