ජවිපෙ පළාත් මන්ත්‍රී නෙරපීම වළක්වයි
ජනතා විමුක්ති පෙරමුණෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ දීප්ත රාජපක්ෂ මහතා එම පක්ෂයෙන් නෙරපා හැරීම අවලංගු කරමින් අභියාචනාධිකරණය අද තීන්දු කෙළේය. සිසිර ද ආබෘ, අනිල් ගුණරත්න සහ ඒ ඩබ්ලිව්.ඒ සලාම් යන විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම විභාගය විය. රාජපක්ෂ මහතාට එරෙහිව පක්ෂ විනය කමිටව පක්ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකර නැතැයි ද එහෙයින් ඔහු නෙරපා හැරීමට විධායක කමිටුව ගත් තීරණය වැරදි යැයි අධිකරණය තීරණය කෙළේය.

