ජවිපෙ නායකයාත් කොවිඩ් එන්නත විද ගනී


(සුජිත් හේවාජුලිගේ)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද කොවිඩ් මර්දන එන්නත අද (14) ලබාගෙන ඇත.

ඔහු මේ එන්නත ලබාගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පසුගිය දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේදී සහ යුද හමුදා රෝහලේදී කොවිඩ් මර්දන එන්නත ලබා ගත්හ.එහෙත් අනුර දිසානායක මහතා ඒ ස්ථානවලින් එන්නත ලබා නොගත්තේය.