ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් නුවර පැවැත්වෙන ජවිපෙ සම්මන්ත්‍රනයක් ඇමතීමට නියමිත බව ජවිපෙ ලන්ඩන් කමිටුව කියයි.
මෙම රැස්වීම මැයි 24 වැනිදා දහවල් 3 ට වෙම්බ්ලියේ පැවැත්වෙයි. මේ අතර දෙවැනි රැස්වීමක් මැයි 26 වැනි දින සවස 5 ට ලිවර්පුල් හෝප් විශ්ව විද්‍යාලයේදී පැවැත් වීමට යයි.
මෙම සම්මේලනයන්හිදී ජනතා විමුක්ති පෙරමුණෙහි ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.
පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්වු මැයි දින පෙළපාළිය සහ රැලිය සඳහා ද ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් කමිටු සාමාජිකයෝ සහභාගී වුහ.

