විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පත් කරනු ලැබීය.
විපක්ෂ නායකයා පත්වන පක්ෂයටම එම පදවිය හිමිවන නමුත් මෙවර එම සම්ප්‍රදාය අනුගමනය නොකළ බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් කියයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සන්ධාන මන්ත්‍රීන් 50කට වැඩි පිරිසකගෙන් පාර්ලිමේන්තු විපක්ෂයක් පිහිටුවන බව කියා සිටි සන්ධාන සුළු පක්ෂ නායකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡා තව ටික වේලාවකින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට යයි.
1968 - 11 - 24 වැනිදා උපන් දිසානායක මහතා 2014 පෙබරවාරි 2 වැනිදා ජවිපෙ නායකයා විය. 2004 දී මුලින්ම පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කෘෂිකර්ම ඇමැතිවරයාද විය.
දිසානායක මහතා කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි.

