( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර )
තමන්ට සිදු කළ අපහාසයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ පෞද්ගලික නාලිකවකින් (දෙරණ) මිලියන 500 බැගින් මිලියන 1000ක වන්දි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන ලදී.
තම කීර්තිනාමයට අපහාස වන අන්දමින් වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කටයුතු කරන බවද පැමිණිලිකාර ජනතා විමුක්ති පෙරමුණ නායකවරයා කියා සිටී.
නීතිඥ ශානිකා සිල්වා මහත්මිය මාර්ගයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

