‘රනිල්ට, මහින්දට මේ රට හදන්න බෑත අවුරුදු 66ක් තිස්සේ වසර 33 ගානේ රට පාලනය කර ඒ පක්ෂ දෙකම රට අඟලක්වත් ඉදිරියට ගන්න බැහැ කියා ඔප්පු කර තිබෙනවා.‘ යැයි ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක මහතා සිය මංගල රැල්ල අමතමින් මහරගම දී පැවසීය.
‘මේ ආණ්ඩුව ප්‍රධාන කේන්ද්‍ර පහක් ගැන කිව්වා. දැනුම, බලශක්ති, නාවික, ගුවන්, වෙළෙඳ. පොදුරාජ්‍ය මණ්ඩලීය චෝගම් සමුළුවේදි සංචාරක කේන්ද්‍රය කියලා තව එකක් එකතු වුණා.
අපේ රටේ බලශක්ති කේන්ද්‍රය හදන්නේ මාස 32ක් ඇතුළත 26 වතාවක් කැඩුණු නොරොච්චෝලේ තියාගෙන. විදුලිබල මණ්ඩලය 2011-2012 වර්ෂ දෙකේ පාඩුව රුපියල් කෝටි 8042යි. විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 8042යි. තෙල් සංස්ථාවේ පසුගිය වසර දෙකට පාඩුව 18,415ක්. ජනතාවට බදු ගහලා දඩ ගහලා ගන්න මුදල් ගිලින බහිරවයන් බවට පත්වෙලා. ගුවන් කේන්ද්‍රය කරන්න තියෙන ආයතන දෙකේ පාඩුව කෝටි ගණනක්.
කුඩු, එතනෝල්, කැසිනෝවලින් කේන්ද්‍රයක් හදා තිබෙනවා.
මේ නිසා මේ රටට ප්‍රබල විපක්ෂයක් ඕනෑ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.‘
හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෝ ද ඊට සහභාගී වූහ.

