ජවිපෙ දෙකඩ වීම ගැන ඇමැති දුක්වෙයි
ජනතා විමුක්ති පෙරමුණු දෙකඩ වීම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලත් බරපතල තර්ජනයකියි සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව ලංකාපුරයේ දී පැවැසීය.
එහි කැරැලි පාර්ශ්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බැහැරව ආයුධ පිළිබඳ විශ්වාසයක් තබාගෙන ඉලක්කගත වැඩ කරන බව ද සරසවි අර්බුද පිටුපස ඔවුන් සිටින බව ද ඔවුන්ගේ කුමන්ත‍්‍රණවලට දරුවන් ගොදුරු නොවිය යුතු බට ද ඇමැති කීවේය.

