‘මාධ්‍ය මර්දනය නවතනු, ප්‍රජාතන්ත්‍රවාදය රකිමු’ යනුවෙන් සඳහන් පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) තීන්දු කළේ ය.
ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් වූ රුපියල් පනස් දහසක රජයේ වන්දි මුදලක් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව නිකුත් කරනු ලැබුවේ මෙම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයින් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය. ප්‍රියසාද් ඩෙප්, සිසිර ඩී. ආබෘෘ, අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාග කළේය .
2009 ජනවාරි 12 වැනි දින ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබිණි. මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයකට ගිනි තැබීම මෙන් ම ජනමාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙම කාල වකවානුව තුළදී සිදුවූ බව ත් ආදාළ තීන්දුවේ සඳහන්ව ඇත.
එවැනි වාතාවරණයක් යටතේ මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද තීන්දුවෙන් ප්‍රකාශයට පත්කෙරිණි.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

