ඇමරිකාව කියුබාවට පනවා තිබෙන සියලු ආර්ථික හා දේශපාලන සම්බාධක වහාම ඉවත් කර ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට කියුබාවට ඉඩ සළසා දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් පිරිසක් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට අද (16) පෙරවරුවේ ලිපියක් භාර දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති,වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ යන මහත්වරු ඊට එක්ව සිටියහ.
කියුබාවට එරෙහිව පනවා තිබූ සියලු සම්බාධක ඉවත් කළ බව ඇමරිකාව පැවසුවත් එවැන්නක් කර නොමැති බව එම ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.






