අජන්ත කුමාර අගලකඩ
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයන කර තීරණයක් ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
මේ සඳහා කොමිටුවක් පත් කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර 20වන යෝජනාවට විරුද්ධ විය යුතු බව වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇත.
පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ මේ සතියේ සිටම ආරම්භ කිරීමටද එහිදී තීරණය කර තිබේ.