ජවිපෙ අපේක්ෂකගේ නිවස ගිනි ගනී


(රංජිත් රාජපක්‍ෂ)

ආගරපතන ප‍්‍රාදේශිය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තරග කරන රංජිත් උපාලි මහතාගේ නිවස බ්‍රහස්පතින්දා (25) රාති‍්‍රයේ ගිනිගෙන විනාශ වි ඇති බව ආගරපතන පොලිසිය පවසයි.

එම අවස්ථාවේ එහි කිසිවකු සිට නැති අතර ගින්නෙන් එම නිවසේ තිබු සියළුම භාණ්ඩ විනාශ වී තිබේ.
ප‍්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්විමට දැඩි උත්සහයකද නිරත වී ඇත.
 
ගින්නෙන් වූ අලාභය මෙතෙක් තක්සේරු කරගෙන නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නැත.