මාරවිල තොඩුවාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි පිරිසකට පහරදුන් බවට සැකපිට සන්ධානයේ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මාරවිල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා පුත්තලමේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවන පුද්ගලයකුගේ ආධාරකරුවන් බව ද පොලිසිය කියයි.
තුවාලකරු මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු ඉදිරි මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත්වීමට සිටින අයකු බවත් පොලිසිය පවසයි.
ඡන්ද ගැටුම් 20ක් වාර්තාවී ඇති අතර 15 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

