ජවිපෙ 31ක් ජනපතිගේ සහායට


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයෝ 31 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
 
 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 04  දෙනෙකු,   පළාත් සභා මන්ත‍්‍රීවරුන්  07 දෙනෙකු සහ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඒ අතර වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
 
දිමුතු අබේකෝන්, ආර්.පී.ඒ රණවීර,  එස්. කේ සුබසිංහ සහ අංජාන් උම්මා එලෙස ජනපතිට සහාය දැක්වීමට එකතු වූ හිටපු මන්ත්‍රීවරුය.

( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )