ජවිපෙ මන්ත්‍රීට නඩු දමන බව ඌව මහ ඇමැති කියයි


පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මාල්
  
ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා  සහ ජවිපෙ ගුරු සංගම් නියෝජිතයන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
 
තමා විදුහල්පතිනියක දණ ගැස්වී යැයි  ඔවුන් කළ   ප්‍රකාශවලින්  තම  කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති  බැවින් මෙලෙස නඩු පැවරීමට කටයුතු කරන බව  ඔහු කීවේය.
 
ප්‍රධාන අමාත්‍යවරයා මේ පිළිබදව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ  පිටපත් ලබාගැනීමට අද (14)   බදුල්ල පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණියේය.