(ඩයනා උදයංගනී)
ජලාශයන්හි පවතින ආක‍්‍රමණික ජලජ ශාක හා අපද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා ජර්මනියෙන් මෙරටට නවීන යන්ත‍්‍රයක් ආනයනය කර තිබේ.
රුපියල් මිලියන 57 ක වියදමින් ජර්මනියේ සිට මෙරටට ආනයනය කර ඇති මෙම යන්ත‍්‍රය මගින් ජලය මත පාවෙමින් තිබෙන ජලජ ශාක ඉතා පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව පවතින බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
රට පුරා පවතින විශාල ජලාශයන් හි සීඝ‍්‍රයෙන් පැතිරී යන ජලජ ශාක ඉවත් කිරීම සඳහා මෙම යන්ත‍්‍රය යොදා ගන්නා බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
එහි පළමු පියවර ලෙස අනුරාධපුර මහකනදරාව වැවෙහි ආක‍්‍රමණික ජලජ ශාක ඉවත් කිරීමට යන්ත‍්‍රය යොදවා ඇති අතර එම කටයුතු ආරම්භ කිරීම වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.