රැඳවුම් නියෝග මත සිටියදී සතියකට කළින් හංවැල්ල පොලිසියෙන් පළා ගිය ජල්තර ලක්ෂ්මන් පාදුක්ක තුන්නානේ ගම්මැද්දේ පාළු නිවසක සිටියදී තවත් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු ග්‍රාම ආරක්ෂකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය එම නිවස වටලද්දී පොලිස් නිලධරයකුට පොලු පහරක් ද එල්ල කර ඇතැයි පොලිසිය කියයි.