(අමල් වික්‍රමරත්න)
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ බස්නාහිර පළාතට අයත් සේවකයන් හෙට පැය හතරක සංකේත වර්ජනයක නිරතවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය.
වසර තුනකට වරක් සිදුවන වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි 1 වැනි දා සිට වැඩිවිය යුතු වුවත් මෙතෙක් වැඩිකිරීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ඉදිරියේදී වැඩවර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ගෙන් වසර මුළුල්ලේම සාකච්ඡාවක් ඉල්ලා සිටියද මේ දක්වා එය නොලැබුණු බවත් පළමු පියවර ලෙස හෙට පැය 4ක් සේවයෙන් ඉවත් වන බවත් එයටද නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලකට යන බවද කැඳවුම්කරු රත්නායක මහතා පැවසීය.

