ජලය විකුණන නල ළිඳකට එරෙහිව පන්නල විරෝධතා


(හේමලතා ඩී හේවගේ)       

පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැගෙනහිර ගෝනුල්ල ප‍්‍රදේශයේ  ජලය අලෙවි කිරීම සඳහා පෞද්ගලික ඉඩමක ඉදිකරමින් පවතින නල ළිඳ නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (31) මාකඳුරේදී විරෝධතාවයක නිරත වුහ.

මුඵ වයඹ පළාතේම ජනතාව වසර දෙකකට වැඩි කාලයක් ජලය නොමැතිව පීඩා විඳි බවත් මේ දිනවල වර්ෂාව පැවතියද තවමත් ළිංවල ජලය නිසි  ප‍්‍රමාණයට නොමැති නිසා මහා පරිමාණයේ නල ළිං ඉදිකිරීම තුළින් නුදුරු කාලයේදී දැඩි ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් විරෝධතාකරුවෝ පවසති.