ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම්


(යොහාන් භාසුර)

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ දකුණු කොරියානු රජය එක්ව ක්‍රියාත්මක කරන ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක ඉදිරිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සහ සෙවනගල කිරිඉබ්බන් වැවේ ස්ථාපිත මෙම ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් පසුගිය වසරේ ආරම්භ කළ බවත් එම ඉදිරිකිරීම් ලබන ජූලි මස අවසන් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.