(අමල් වික්‍රමරත්න)
අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.
වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය.
කෙසේ නමුත් දිවයින පුරා පාරිභෝගිකයනට අපහසුතාවයක් වන පරිදි ජලබෙදා හැරීමේ කටයුතු වලින් ඉවත් නොවීමට තීරණය කළබව පැවසු රත්නායක මහතා බිල්පත් අයකිරීම සහ නඩත්තු කටයුතු වලින් අද පෙරවරුවේ සිට ඉවත් වන බව පැවසීය.
ඊයේ සවස අමාත්‍යවරයා සමග ත්‍රිකුනාමලයෙදී පැවැත්වූ සාකච්චා අසාර්ථක වීම නිසා මෙම තීරණය ගත්බව රත්නායක මහතා පැවසීය.
මෙම වර්ජනය අතර තුර යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් දැඩි තීරණයකට යාමට සිදුවන බව ද ඔහු පැවසීය.

