ජල සේවක වර්ජනය අවසන්


(රංජන් කස්තුරි)

මේ වසරේදී ලබා දිය යුතු වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස බල කරමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබු වැඩවර්ජනය අද (06) පස්වරුවේ අවසන් කෙරිණි.

වැටුප්  වැඩිවීම්  ඇතුළු ඉල්ලීම් ලබා දීමට ජලසම්පාදන ඇමැතිවරයා සහ ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සමඟ  පැවති සාකච්ඡාවේදී එකඟතාවයකට එළැඹි හෙයින්  වැඩ වර්ජනය අවසන් කළ බව ජල සම්පාදන වෘත්තිය  සමිති ඒකාබද්ධ  සන්ධානයේ කැඳවුම්කරු  උපාලි රත්නායක මහතා පැවසීය.