ජල සම්පාදන සේවයින්ගේ වැඩවර්ජනය අසාධාරණ බව ඇමති හකීම් කියයි


රංජන් කස්තුරි
 
ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින්ට ඉකුත් අවුරුදු තුනක කාලය තුළ සියයට පනහකින් වැටුප් වැඩිවීමක් ලබාදී තිබෙන අතර වැඩවර්ජනයක් කිරීම අසාධාරණ බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.

 
ජල සම්පාදන සේවයින්ට මුළින්ම සියයට 30ක් ඉකුත් මාසය වන විට  තවත් සියයට 20කින්ද ආදී වශයෙන් සියයට 50න් පඩි වැඩි කළ බවද ඇමති හකීම් මහතා කීය.
 
ජලසම්පාදන මණ්ඩලයේ වියදමින් සියයට 60ක්ම ගන්නේ පඩිනඩි වලට වන බවද ඇමතිවරයා කීය.