ජල සම්පාදන සේවකයෝ වැඩවර්ජනයකට සැරසෙති


විනීතා එම් ගමගේ
 
ජල සම්පාදන සේවකයෝ  අනිද්දා  (02) දින යළිත් පැය හතරක වර්ජනයකට එළැඹෙන බවත් එයටත් රජයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නැත්නම් අඛණ්ඩ වර්ජනයකට යන බවත් ජල සම්පාදන වෘත්තිය සමිති  පවසති. 
 
ඉකුත් 30 දා පැවැති පැය හතරක සංකේත වර්ජනයෙන් පසු පෙරේදා  රාත‍්‍රී ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරින් සමඟ සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙසේ යළි වර්ජනයකට එළැඹෙන බව ජල සම්පාදන සේවක සංගමයේ සභාපති ඉංජිනේරු උපාලි රත්නායක මහතා ලංකාදීපයට පැවැසිය. 
 
ඒ අනුව පෙරවරු 9 සිට දහවල් එක දක්වා කාර්යාල කටයුතු දෛනික නඩත්තු , පාරිභෝගික සේවා,  මනුසටහන්, බිල්පත් සැකසීම් ඉදිරිපත් කිරීම් අයකිරීම් සිදු නොකෙරෙන බව ද රත්නායක මහතා කීය. 
 
එහෙත් පොම්පාගාරවල අත්‍යවශ්‍ය කටයුතු සිදුකෙරෙන බව පැවැසූ ඒ මහතා සාකච්ඡා මඟින් ගැටලූ විසඳා ගැනීමට තමන් නිතර උත්සාහ කරන නමුත් බලධාරීන් එයට හරස් වන්නේ යැයි ද රත්නායයක මහතා පැවැසීය.