ජල විදුලිය හොඳටම බහී


ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවතින දැඩි නියගය හේතුවෙන් ජල විදුලිය නිපදවීම සියයට 23 දක්වා පහළ ගොස් ඇති බව විදුලි බල හා බල හක්ති අමාත්‍යාංශය පවසයි . කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, බෝවතැන්න,කාසල්රී සහ මාවුස්සාකැළේ  යන ජලාශ ජල මට්ටම පහළ ගොස් ඇත. කෙසේ නමුත් ඔක්තෝබර් මාසයේ තුන්වැනි සතිය වන විට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .