ජල වර්ජනය අවසන්


අමල් වික්‍රමරත්න
 
ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ පෙරවරුවේ  ආරම්භ කර දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය (06) අද අවසන් කල බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය.
 
වැටුප් ගැටලු ඇතුළු සියලු ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් අනතුරුව වර්ජනය අවසන් කළබව රත්නායක මහතා පැවසීය.