ජල බිල්පතට සහනයක්


(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා ආසාදනයවූ පුද්ගලයන්ට හා කොරෝනා රෝගීන්ට ආශ්‍රිතවී නිරෝධායනයවන පිරිස්වලට ජල බිල්පත ප්‍රමාද වී ගෙවීම සඳහා සහනයක් සලසා දීමට තීරණය කර ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය.

ජල බිල්පත ගෙවීම සඳහා සහනයක් සලසා දෙන්නැයි කොරෝනා ආසාදිතයන් හා කොරෝනා රෝගීන්ට ආශිතවී නිරෝධායනවන පිරිස් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත . ඇමතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ ඒ අනුවය.

කෙසේ වෙතත් සෙසු ජල පාරිභෝගිකයන්ට මේ සහනය හිමි නොවන බවද නානායක්කාර මහතා ප්‍රකාශ කළේය .