ජල බිල් නොගෙවීමෙන් මණ්ඩලයට කෝටි 300 ක පාඩුවක්


 

 

(ජයන්ත සමරකෝන්)

ජල පාරිභෝගිකයින් ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 300 ක පමණ හිඟ මුදලක් අයවීමට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

බිල්පත් නොගෙවන ලද ජල පාරිභෝගිකයින් සඳහා රතු නිවේදන යැවීම ඉකුත් නොවැම්බර් සිට මේ දක්වා ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් බව මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එච්.රුවිනිස් මහතා පැවසීය.

පසුගිය නොවැම්බර් මස පැවති මැතිවරණය හා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජල පාරිභෝගියන්ට මෙලෙස රතු නිවේදන යැවීමට නොහැකි විය.

ලංකාවේ සේවා සපයන රාජ්‍ය ආයතන අතුරින් අඩුම බිල්පත නිකුත් වන්නේ මෙම මණ්ඩලයෙන් බවත් ජල පාරිභෝගිකයින් අතරින් 60% ක් සඳහා අය කරනුයේ රුපියල් 300 කට අඩු බිලක් බවද ඒ මහතා කීය.