ජල බවුසරයෙන් වැටුණු ප්‍රා. සභා සේවකයා රෝහලේදී මරුට


ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

ජල හිඟයෙන් පීඩා විඳින රජ්ගම රනපනාදෙනිය ප්‍රදේශයේ ජනතාවට රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ජල බවුසරයෙන් ජලය බෙදා දීමට ගොස් සිටි අවස්ථාවේදී හදිසි අනතුරක් හේතුවෙන් එම ජල බව්සරයෙන් වැටීමෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රත්ගම ප්‍රාදේශීය සභාවේ සේවකයා අද (31) මිය ගිය බව කරාපිටිය රෝහල් පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඕව කන්ද රජ්ගම යන ලිපිනයේ පදිංචිව සිටි එච් චින්තක නැමති අයෙකි.

මිය ගිය අයගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිත ය.