ජල ප්‍රතිපත්තියේ දුර්වලතා ඇති බව ජනපති කියයි


රටේ ජල කලමනාකරණ ප්‍රතිපත්තියේ දුර්වලතා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

ජලයට අයිතිකරුවන් රැසක් සිටින බව කී ජනාධිපතිවරයා ජල කලමනාකරණයේ වගකීම එක් ආයතනයකට පැවැරිය යුතු බවද සඳහන් කළේය.

තම රටට ලැබෙන වැසි ජලය රටවල් 10කට ප්‍රමාණවත් යැයි ද ඔහු කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේ දීය.