ජල අනතුරුවලින් ජීවිත බේරා ගැනීමට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක්


(කාංචන කුමාර ආරියදාස)


පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ පොලිස් පරිසර ඒකකය වෙනම පොලිස් කොට්ඨාසයක්  බවට පත් කිරීමේ   සුදානමක් පවතින   බවත් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

රටේ පවතින  ජල අනතුරු විශාල වශයෙන් වැඩිවීමත් සමඟ අතීතයේ සිටම ශ්‍රී ලංකා පොලිසිය පොලිස් ජීවිතාරක්ෂක සංගම් ඒකාබද්ධ වෙමින් දිගින් දිගටම දිය අනතුරු  අවම කිරීමේ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ බවත් ඉදිරියටත් ජල  අනතුරුවලින් ජීවිත ගලවා ගැනීම සඳහා පොලිසියේ මැදිහත් වීම වැඩි කිරීම සඳහා ජීවිතාරක්ෂක හා පරිසර අංශ ඒකාබද්ධ කොට වෙනම පොලිස් කොට්ඨාසයක් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් පසු මෙම තීරණයට එළැඹ තිබේ.
එය  ළඟදීම  පොලිස් ජීවිතාරක්ෂක හා පරිසර කොට්ඨාසය ලෙස නම් කිරීමට නියමිත බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙහිදී සඳහන් කළේය.

වර්තමානයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ තත්වය පිළිබඳව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අද( 23) මොරගහකන්ද ජලාශය පරිශ්‍රයේදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය රටේ ආරක්ෂාව සාමය මෙන්ම විවිධ ජාවාරම් මැඩලීම ජනතා මෙහෙවරක් ඉටු කරන දෙපාර්තමේන්තුවක් බවට පත්ව තිබෙන බවත් වර්ෂ ගණනාවක් තිස්සේ දිවයිනේ ජනතාව විනෝද වන  බොහෝ ජලාශ වැව් මෙන්ම මහ මුහුදේ ද ජීවිත ආරක්ෂා කිරීමේ ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව ද හෙතෙම සඳහන් කෙළේය,මේ  වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජිවිතාරක්ෂක හා පරිසර අංශ ඒකරාශි කර පොලිස් කොට්ඨාසයක් බවට පත් කරන බව හෙතෙම සඳහන් කළේ ය