ජර්මන් පුරපති මිහින්තලේදි මහණ වේ


ජර්මනියේ ඔබර්ඩොර්ෆ් නගරාධිපති හර්මන් ආකර් මිහින්තලයේ රජ මහා විහාරයේ දී අද තාවකාලික පැවිද්ද ලැබීය.

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ජර්මනියේ රතනසිරි නමින් පැවැදි වූ ඒ හිමියෝ භාවනා කිරීමෙන් සිත එකඟ කර ගැනීම තම අරමුණ බව කීහ.

ධම්මරතන හිමියන් ජර්මනියට වැඩම කළ අවස්ථාවක පුරපති හමු වී ඇත.