ජර්මනියේ පැරැණිම විහාරය වන බර්ලින් පුරාණ විහාරයේ වාර්ෂික කඨින පිංකම එම විහාරස්ථානයේදී 19 -20 යන දෙදිනෙහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ජර්මන් බෞද්ධ ධර්මධුත සංගමයේ සංවිධානයෙන් හා විහාරාධිකාරී කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම සංවිධානය කැරෙයි.
19 රාත්‍රී පිරිත් දේශනය ,කඨින චීවරය පුජා කිරීම හා පසු දින දහවල් දානමය පිංකමකි.
මේ සදහා ජර්මනීය,වියට්නාමය,තායිලන්තය හා කාම්භෝජය ආදී රටවලින් භික්ෂුන් සහ ගිහියන් සහභාගී වීමට නියමිතය.