ජර්මන් දොස්තරගෙ හිත පංචකර්මෙට


1984 වසරේ සිට 50 වරක් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික සංචාරකයෙක් 650 වැනි රාත්‍රිය බදාදා (07) දඹුල්ල අමායා ලේක් හෝටලයේ දී ගත කළේය.

විශේෂඥ වෛද්‍යවරයකු වූ ගර්ට් කොලාර් (72) ජර්මනියේ පෞද්ගලික රෝහලක අයිතිකරුවෙකි.

අයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු ලංකාවට පැමිණීමට පුරුදු වූ බවත්, අවස්තා 50ක් රාත්‍රී 650ක් තමන් ශ්‍රී ලංකවේ ගත කැර තිබෙන බවත් වෛද්‍ය ගර්ට් කියයි.

 ඔහුට සිහිවටනයක් ලබා දෙන්නටත්, රාත්‍රීය විචිත්‍රවත් ලෙස ගත කිරීමටත් අමායා ලේක් හෝටලය සංවිධානය කර තිබිණි.

මෙම සංචාරකයා 1998 වසරේ සිටම අමායා හෝටලයේ නැවැතීම ද විශේෂත්වයකි. එම හෝටලයේ ඇති අමායා සුපිරි නම් වූ කාමරයේ නවතින බව හෝටල් පරිපාලනය කියයි. එම කාමරයේ එක් රාත්‍රියක අය කිරීම රුපියල් 40,000කි.

ඔහු ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා පංචකර්ම ප්‍රතිකාර වලට දැඩි ආශාවක් දක්වන්නෙකි.

වෛද්‍ය ගර්ටි අද පස්වරුවේ 50 වැනි වරට ලංකාවෙන් පිටව ගොස් 51 වැනි අවස්ථාවට සැප්තැම්බර් මාසයේ නැවත පැමිණීමට නියමිතය.