(සුමතිපාල දීයගහගේ)
ඉදුරුව යාලේගම ප්‍රදේශයේ පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථානයකදී 21 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම සම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සහ තෙරපිකරු අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
තම සිරුර සම්භාහනය කරවා ගැනීම සඳහා මෙම ජර්මන් ජාතික තරුණිය ඉදුරුව යාලේගම ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇත.
එහිදි සම්භාහනය කරන මුවාවෙන් එහි කළමනාකරු සහ තෙරපිකරු තමාට අතවර කළ බවට අතවරයට පත් විදේශික තරුණිය කොළඹ සංචාරක කොට්ඨාසයට පැමිණිලිකර ඇත.
ඒ අනුව ක්‍රියාත්මකවු කොළඹ සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සදහා කොස්ගොඩ පොලිසිය වෙත බාරදී තිබේ.
සැකරුවන් දෙදෙනා අද (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.