ජර්මන් කතකට අතවර කළ 18 හැවිරිදි අයෙක් අත්අඩංගුවට


(බිමල්  ශ්‍යාමන් ජයසිංහ )

බේරුවල ,මරදාන, බණ්ඩාරවත්ත සංචාරක හෝටලයක කාමරයක් තුලදී    79 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව දූෂණයට ලක් කළ බව කියන පුද්ගලයා අද (03) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි .
 
අත්අඩංගුවට ගත් සැකකරු 18 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි .
 
ඉකුත් 29 වැනි දා රාත්‍රියේ සැකකරු මෙම කාන්තාව දූෂණයට ලක් කර තිබිණි . 

රෝගී තත්ත්වයෙන් පෙලුණු එම කාන්තාව මේ වන විට නාගොඩ මහා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .

අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයක පොලිසියට ලද පැමිණිලි අනුව සැකකරු සම්බන්ධයෙන් පසු විපරම් සිදු කිරීමෙන් අනතුරුව බව පොලිස් නිලධාරීයා කීය.
 
සැකකරු එම අපරාධය සිදු කළ බවට මේ වන විට පොලිසිය වෙත පාපෝච්චාරණයක් සිදු කර ඇතැයි පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .
 
 බේරුවල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන අතර සැකකරු කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .