හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ කටඋත්තරය අද පස්වරු 1.35 ට අවසන් කර පස්වරු 2.20 දක්වා ගහක් යට සිටි බවත් මාධ්‍යවේදීන් මගහැරීම ඔහුගේ අරමුණ වූ බවත් එහි තැන තැන රැඳී සිටි මාධ්‍යවේදීහු කියති. මාධ්‍යවේදීන් මගහැර දොරටු කිහිපයකින් එළියට යන්නට ගිය උත්සාහය වැරදී ගිය පසු ගසක් යටට ගිය ඔහු පසුව එතැන තිබූ වාහනයක කාර්යාලයට රැගෙන යන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
පොලිසිය එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ පසු ඔහු ගස යට සිට ගේට්ටුව දක්වා දුවගෙන අවුත් වාහනයට නැගගත් බවත් සිද්ධිය දුටුවෝ කියති.
කටඋත්තරය දීමෙන් පසු මුලින්ම ඔහු එම ස්ථානයේ දොරටුවෙන් එළියට විත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ‘ඔය ඇති‘ යැයි පවසා නැවත ඇතුළට ගිය බවද මාධ්‍යවේදීහු කියති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ






