ජයශ්‍රී මහා බෝධිය අසළ අවුරුද්ද පුරාම දන්සලක්


(මනෝජ් හර්ෂික)
 

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ලබා ගැනීම සඳහා වසරේ දින 365ම ක්‍රියාත්මක වන දන්සලක් අද (01) සිට අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසළ දී විවෘත  කෙරිණි.
 

ශ්‍රී ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් වසරේ දින 365 ආවරණය වන පරිදි මෙම දන්සල ක්‍රියාත්මක කරන අතර, වන්දනාවේ පැමිණෙන සියලුම බැතිමතුන්ට සතියේ සෑම දිනකම දිවා ආහාරය ලබා ගැනීමේ පහසුව අද (01) සිට බැතිමතුන්ට හිමි වේ.
 
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව මෙම දන්සල ක්‍රියාත්මක වේ.
 
මෙම වැඩසටහනේ අධීක්ෂණ කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරයි.